I දේශපාලන වාර්තාකරු
කල්මුණේ ප්‍රදේශයේ විකාශය කළ ඇතැම් (කේබල් ටීවී) නාළිකාවලට තහනමක් පනවා ඇතැයි (දේශය)ට වාර්තා වෙයි. මේ ගැන (දේශය) කළ විමසුමකදී දැනගන්නට ලැබුණේ ප්‍රදේශයේ ජනතාව බහුලව භාවිත කරන්නේ කේබල් රූපවාහිනී නාළිකා බවයි. එම නාළිකාවලින් සමහරකට තහනමක් පනවා ඇත්තේ කල්මුණේ නගරාධිපතිවරයා විසිනි. අප මේ ගැන එහි නගරාධිපති රකීබ් අබුබකර් මහතාගෙන් කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කළේ ප්‍රදේශයේ පවුල් දස දහසකට වඩා පිරිසක් කේබල් ටී.වී. නාළිකා සබඳතා ලබාගෙන ඇති බවය. එයින් ඇතැම් නාළිකා සම්බන්ධයෙන් තමන්ට ලැබුණු පැමිණිලි නිසා ඒවා තහනමට තීරණය ගත් බවයි. ජාතික සමගිය තමන්ගේ එකම අපේක්ෂාව බව පැවසූ නගරාධිපතිවරයා තමන් මෙම තීරණය ගත්තේ ඉතා දුකින් හා කනගාටුවෙන් බවත් කීය.