2017 පෙබරවාරි 25 වන සෙනසුරාදා

පොහොට්ටුවට සෙට්වූ මන්ත්‍රීවරුන්ට කේස්

 2017 පෙබරවාරි 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 66

 

අලුතින් පිහිටවනු ලැබූ පොදුජන පෙරමුණ පක්ෂයේ ප්‍රචාරක වැඩසටහන් සඳහා ශ්‍රීලනිප මන්ත්‍රීවරැන් හය දෙනකු සහභාගී වීමට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විනය කමිටුවේ ජ්‍යෙෂ්ඨ නායකයෙක් දේශයට පැවසීය.

එම මන්ත්‍රීවරු හයදෙනා පොදුජන පෙරමුණ පක්ෂයේ සාමාජිකයන් බඳවා ගැනීම, ප්‍රචාරණ වැඩසටහන් සහ රැස්වීම්වලට සහභාගි වී ඇති බවට පෙත්සම් මගින් ශ්‍රීලනිප විනය කමිටුවට පැමිණිලි ලැබී ඇත. එම පැමිණිලි පිළිබඳ විමර්ශන දැනටමත් ආරම්භ කර ඇති අතර ඉදිරි දින කිහිපය තුළ අදාළ මන්ත්‍රීවරුන් විනය කමිටුව වෙත කැඳවීමට තීරණය කර තිබේ.

එලෙස කැඳවා ඔවුන්ගෙන්ද සාක්ෂි විමසීමෙන් අනතුරැව විනය ක්‍රියාමාර්ග ගන්නා බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ගයාන් ගාල්ලගේ l