2017 පෙබරවාරි 25 වන සෙනසුරාදා

නව ව්‍යවස්ථාව මේ වසර අග

 2017 පෙබරවාරි 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 41


යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මැතිසබයට ඉදිරිපත් කිරීම මේ වසර අග දක්වා කල් දැමීමට රජය තීරණය කර තිබේ.

දැනටමත් ව්‍යවස්ථාව සම්බන්ධ මූලික කාරණා ගණනාවකට ශ්‍රී.ල.නි.ප.ය හා එ.ජා.ප.ය අතර දැඩි මත ගැටුමක් හටගෙන ඇත. විධායක ජනාධිපති ක්‍රමය, මැතිවරණ ක්‍රමය, පක්ෂ ක්‍රමය ආදී කරුණු මෙසේ විවාදයට තුඩු දී තිබේ.

ඒ අතර ව්‍යවස්ථා සම්පාදනය සඳහා පත්කළ ස්ථාවර කමිටුව විසින් ඉදිරිපත් කරන ලද කමිටු වාර්තාවේ මූලික කෙටුම්පත දැනටමත් එහි සාමාජිකයන් වෙත ලබාදී ඇත. එහි අන්තර්ගත යෝජනා ගැනද එකඟත්වයක් නැතැයි සඳහන් වේ. විශේෂයෙන්ම රාජ්‍ය ආගම, ඒකීයභාවය වැනි විෂයන් සම්බන්ධ යෝජනාවලට ශ්‍රී.ල.නි.ප.යෙන් විකල්ප යෝජනා ඉදිරිපත් කෙරෙනු ඇතැයි වාර්තා වේ.

ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීන් බහුතරය ව්‍යවස්ථා සම්පාදන කමිටුවෙන් පසුගියදා ඉවත්වීම ගැටලු සහගත බව එම කමිටු ප්‍රකාශකයෙක් දේශයට පැවසීය.

සංජීවිකා සමරතුංග l