2017 පෙබරවාරි 25 වන සෙනසුරාදා

සැකකරුවන්ගේ පිහිටට අලුතින් නීතියක්

 2017 පෙබරවාරි 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 50


පොලිස් අත්අඩංගුවේ සිටින සැකකරුවකුට නීතිඥවරයකු හමුවීමට තිබූ නීතිමය බාධාව විශේෂ පනතක් මගින් ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ.

නව නීතිය හරහා නීතිඥවරයකුට ඕනෑම අවස්ථාවක පොලිස් අත්අඩංගුවේ සිටින සැකකරැවකු හමුවීමටත්, ඔහුට නීති උපදෙස් ලබාදීමටත්, එසේම පොලිස් ඇප ඉල්ලුමක් ඉදිරිපත් කිරීමටත් අවස්ථාව සලසා දීමට තීරණය කර ඇත. දැනට පවතින රෙගුලාසිවලට අනුව නීතිඥවරයකුට සැකකරුවකු සම්බන්ධයෙන් තොරතුරු ලබාගත හැක්කේ පොලිස් ස්ථානාධිපතිවරයා මගිනි. එයද ස්ථානාධිපතිවරයාගේ කැමැත්ත මතය. මෙම රෙගුලාසිය ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් මත පොලිස් අාඥා පනතේ 55වන වගන්තියේ සිදුවූ සංශෝධනයත් සමඟ හිමිවූ අවස්ථාවකි. එහෙත් එය නීතියක් නොවූ නිසා ඕනෑම අවස්ථාවක ස්ථානාධිපතිවරයාට එබඳු ඉල්ලීමක් ප්‍රතික්ෂේප කිරීමේ හැකියාව තිබිණි. 

රජය මගින් ගත් නව තීරණය පනතක් මගින් සම්මත කොට අපරාධ නඩු විධාන සංග්‍රහයට ඇතුළත් කිරීමට තීරණය කර ඇතැයි සඳහන් වේ. ඒ සඳහා වන මූලික සාකච්ඡා මේ වනවිට නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ සිදුවෙමින් පවතින බවද දැනගන්නට ඇත.

ගයාන් ගාල්ලගේ l