2019 මැයි 04 වන සෙනසුරාදා

පාලම් පුපුරුවන තොරතුරු ලැබිලා - ඒ.එෆ්.පී. පුවත්

 2019 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 12:30 297

 

ඉස්ලාම් අන්තවාදීන් විසින් කොළඹ නගරයට පිවිසෙන පාලම් ගණනක් පුපුරවා හැරීමට සූදානම් වන බවට පොලීසියට තොරතුරු ලැබී ඇතැයි ඒ.එෆ්.පී. පුවත් සේවය සිකුරාදා වාර්තා කළේය. 

පාස්කු ඉරිදා සිදුකළ බෝම්බ ප්‍රහාරයට අනුබද්ධව එබඳු තවත් සිදුවීම් සිදුවිය හැකි බවද එම වාර්තාවේ සඳහන් වේ. 
ශ්‍රී ලංකා පොලීසිය උපුටා දක්වමින් ඒ.එෆ්.පී. පුවත් සේවය සඳහන් කර තිබුණේ මේ පිළිබඳ කොළඹ අවට සියලු පොලිස්ථාන වෙත අනතුරු අඟවා ඇති බවය. ඒ අතර ප්‍රබල රටක තානාපති අංශ ඔත්තු සේවාද රාමසාන් උපවාසය ඇරැඹෙන මැයි 6,7 දිනවලදී ජනතාව වඩාත් ප්‍රවේශම් විය යුතු බව අනතුරු අඟවා තිබේ.