I දේශපාලන වාර්තාකරු
මෙරට අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානය සම්බන්ධ සාමාජිකයන් 140 දෙනකු පමණ රැඳී සිටින බවත් ඉන් 70ක් දැනටමත් අත්අඩංගුවට ගෙන සිටින බව ආරක්ෂක බුද්ධි අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඉතිරි පිරිසද අත්අඩංගුවට ගැනීම සඳහා විදේශීය ආරක්ෂක විශේෂඥයන්ගේද සහාය ලබාගෙන විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් සූදානම් කළ බව ආරක්ෂ බුද්ධි අංශ පවසයි.
මෙම සියලු ආරක්ෂක කටයුතු සංවිධානය හා මෙහෙයවීම සඳහා කලකට පෙර තිබූ ඒකාබද්ධ හමුදා මෙහෙයුම් මූලස්ථානය (JOC) නැවත ආරම්භ කිරීමටද තීරණය කර ඇත.