2019 අප්‍රේල් 27 වන සෙනසුරාදා

නව විගණකාධිපති චූලන්ත වික්‍රමරත්න

 2019 අප්‍රේල් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30 37

I යසවර්ධන රුද්රිගු

පුරප්පාඩුව තිබූ විගණකාධිපති තනතුර සඳහා අතිරේක විගණකාධිපති චූලන්ත වික්‍රමරත්න මහතා පත් කිරීමට පසුගිය 26දා රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඒකමතිකව තීරණය කර ඇත.

මෙම තනතුර සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නම් තුනක් ව්‍යවස්ථාදායක සභාවට ඉදිරිපත් කරනු ලැබ තිබිණ. එම නම් වූයේ ආචාර්ය අනිල් ජයරත්න, අතිරේක විගණකාධිපති චූලන්ත වික්‍රමරත්න සහ හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ යන අයයි. විගණකාධිපති තනතුර පුරප්පාඩු වූයේ පසුගිය 24 වැනිදා සිටය. ඒ හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ විශ්‍රාම ගැනීම නිසාය.

මෙයට පෙර ශ්‍රී ලංකා විගණන සේවා සංගමය සඳහන් කර තිබුණේ විගණකාධිපති දෙපාර්තමේන්තුව තුළ සුදුසුකම් සපිරි නිලධාරීන් සිටියදී ඒ සඳහා දේශපාලන අවශ්‍යතා මත පිටතින් පුද්ගලයකු පත් කළහොත් ලබන 29දා සිට වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹෙන බවය.

චූලන්ත වික්‍රමරත්න මහතා විගණකාධිපති දෙපාර්තමේන්තුවේ සේවය කරන ජ්‍යෙෂ්ඨතම නිලධාරියා විය.