2019 අප්‍රේල් 27 වන සෙනසුරාදා

මාරු කළ බුද්ධි නිලධාරීන් යළි කැඳවයි

 2019 අප්‍රේල් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30 62

I සංජීවිකා සමරතුංග

පසුගිය රජය කාලයේ ආරක්ෂක බුද්ධි මෙහෙයුම් අංශයේ කටයුතු කළ බුද්ධි නිලධාරීන් රුසක් නැවතත් බුද්ධි සේවාවන් සඳහා හදිසියේම කැඳවනු ලැබ සිටිති.

වත්මන් රජය බලයට පත්වීමෙන් පසු බුද්ධි අංශවල කරන ලද ප්‍රබල වෙනස්කම් නිසා ඇතැම් බුද්ධි නිලධාරීන් වෙනත් රාජකාරි කොට්ඨාස වෙත මාරු කර තිබිණි. තවත් පිරිසක් විදේශ තානාපති කාර්යාලවල යම් යම් සේවාවන් සඳහා පත්කරනු ලැබීය. මේ ආකාරයට බුද්ධි අංශයෙන් ඉවත් කළ නිලධාරීන් සහ විදේශගතව සිටි නිලධාරීන් ගණනාවක් දැනටමත් මෙරටට කැඳවා තිබේ.