2019 අප්‍රේල් 20 වන සෙනසුරාදා

එජාප අපේක්ෂකයා තව මාසෙකින් - ඇමැති ජෝන්

 2019 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 144

I චමිඳු නිසල්

එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුරුන්ද යන්න තවත් මාසයක පමණ කාලයක් තුළ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් තීරණය කරන බව අමාත්‍ය ජෝන් අමරතුංග මහතා දේශයට පැවසීය.

ජනාධිපතිවරණ අපේක්ෂකත්වය පිළිබඳ කාරණය තවදුරටත් කල් දැමිය නොහැකි බව පැවසූ අමාත්‍යවරයා උතුරු නැගෙනහිර ජනතාවගේ සහයෝගයද එජාපයට ලැබෙන නිසා ජයග්‍රහණය පිළිබඳ අවිශ්වාසයක් නැතැයි සඳහන් කළේය.

මේ දිනවල පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා සහ උපනායක රවී කරුණානායක මහතා අතර හටගෙන තිබෙන අර්බුදය මෙම නිවාඩුවෙන් පසු පක්ෂ නායකත්වය විසින් විසඳෙනු ඇතැයි පැවසූ හෙතෙම පොහොට්ටුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් වුවද එජාපයට කිසිදු ප්‍රශ්නයක් නොවන බව කීය.