2019 අප්‍රේල් 20 වන සෙනසුරාදා

සිරකරුවන් 800කට ජනපති සමාව

 2019 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 31

I අධිකරණ වාර්තාකරු

සුළු අපරාධ සඳහා වැරදිකරුවන් වී දඩ මුදල් ගෙවාගත නොහැකිවී සිටින 800ක පමණ පිරිසකට ලබන වෙසක් පොහොය වෙනුවෙන් ජනාධිපති සමාවක් ලබාදෙනු ඇතැයි දේශයට වාර්තා වෙයි.

බන්ධනාගාරවල දැනට අධික තදබදයක් පවතී. එනිසා මෙලෙස සුළු දඩමුදලක් ගෙවාගත නොහැකිව සිරගතව සිටින අයට සමාව ප්‍රදානය කිරීම ගැන ජනාධිපතිවරයාට ලැබුණ ඉල්ලීම් අනුව මෙම තීරණය ගෙන ඇත.