2019 අප්‍රේල් 13 වන සෙනසුරාදා

වසරේ හොඳම පිටු සැලසුම සම්මානය දේශයට

 2019 අප්‍රේල් 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 35

2018 ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙලේදී දේශය පුවත්පත වසරේ ප්‍රශස්තතම පිටු සැලසුම සහිත පුවත්පත ලෙස සම්මාන ලැබීය. පසුගිය බ්‍රහස්පතින්දා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති සම්මාන උළෙලේදී ඊට අදාළ සම්මානය දේශය පුවත්පතේ ප්‍රධාන පිටු සැලසුම් ශිල්පී ධනුෂ්ක විජේසිරි මහතා විසින් ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අතින් ලබාගන්නා ලද අවස්ථාව. අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාද එම අවස්ථාවට එක්විය.

♦ සේයාරුව -    සුමුදු හේවාපතිරණ