සංජීවිකා සමරතුංග |
ගිය වසරේ පළමු මාස දෙකට සාපේක්ෂව මේ වසරේ (2019) පළමු මාස දෙක තුළ වාහන ආනයනය 60%කින් පහත වැටී ඇත.
මහා භාණ්ඩාගාරයේ නවතම සංඛ්‍යාලේඛන අනුව 2018 පළමු මාස දෙක තුළ වාහන ආනයනය සඳහා ශ්‍රී ලංකාව වැයකර ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන 209කි. ඊට සාපේක්ෂව 2019 වසරේ මුල් මාස දෙක තුළ මෙරටට වාහන ආනයනය සඳහා වැයකර ඇත්තේ අමෙරිකානු ඩොලර් මිලියන 98ක මුදලකි. මෙම දත්තවලින් පැහැදිලි වන්නේ වාහන ආනයන බදු දිගින් දිගටම ඉහළ යාම නිසා වාහන ආනයනය විශාල ලෙස පහත වැටී ඇති බවය.