l දේශපාලන වාර්තාකරු
අධික වියළි කාලගුණය නිසා පීඩාවට පත් ජනතාවට සහන සැලැසීම සඳහා දිවයිනේ දිස්ත්‍රික්ක 25 ම නියෝජනය වන ලෙස ආපදා කළමනාකරණ ඒකක 25ක් පිහිටවූ බව විෂය භාර අමාත්‍ය රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා දේශයට කීය.
මෙවර ආපදා තත්ත්වය නිසා ජල හිඟය සමඟ කැලෑ ගිනිගැනීම් දිස්ත්‍රික්ක ගණනාවකින් වාර්තා වී ඇතැයිද අමාත්‍යවරයා පැවසීය. මුළු 2018 වසරටම මෙරට කැලෑ ගිනිගැනීම් වාර්තාවූයේ 100ක් පමණක් යැයි කී හෙතෙම මේ වසරේ ජනවාරි සිට මේ දක්වා කැලෑ ගිනිගැනීම් 52ක් වාර්තා වූ බව සඳහන් කළේය.
මැයි මස මැද භාගය වනතුරු මෙම අධික වියළි කාලගුණ ආපදාවට මුහුණදීමට සිදුවන බව පැහැදිලි කළ මද්දුමබණ්ඩාර මහතා රජය ත්‍රිවිධ හමුදාව හා පොලීසියද එක්කරගෙන මේ සඳහා හදිසි ප්‍රතිචාර ඒකක සක්‍රීයකර ඇතැයිද කීය.
රජයේ ආපදා කළමනාකරණ ආයතනයේ සංඛ්‍යා දත්ත අනුව අප්‍රේල් දෙවැනි සතිය වනවිට වියළි කාලගුණයෙන් දිස්ත්‍රික්ක අටක ලක්ෂ අටකට ආසන්න පිරිසක් නියඟය නිසා ආපදාවට පත්ව සිටියහ.