2019 අප්‍රේල් 13 වන සෙනසුරාදා

එජාප අපේක්ෂකයා හරි වෙලාවට කියාවි - බදුල්ල එජාප මන්ත්‍රී චමින්ද විජේසිරි

 2019 අප්‍රේල් 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 92

I චමිදු නිසල්

ජනාධිපතිවරණය ජයගතහැකි එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා පක්ෂ නායකත්වය විසින් නිසි වේලාවට තෝරාදෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව එක්සත් ජාතික පක්ෂ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා දේශයට පැවසීය.

ඒ අනුව පක්ෂ නායකත්වය විසින් තෝරාදෙන අපේක්ෂකයා දිනවීමට තමන් ඇතුළු පිරිස කටයුතු කරන බවද මන්ත්‍රීවරයා තවදුරටත් පැවසීය. නායකත්වය ඉදිරි ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කර රෑ වැටුණු වලේ දවල් නොවැටෙනු ඇතැයි තමන් විශ්වාස කරන්නේ යැයි ඔහු වැඩිදුරටත් මෙහිදී සඳහන් කළේය. 2019 අයවැය මැතිවරණ ඉලක්ක කරගත්තත් නොවන බවද මෙහිදී මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

පොදු ජන පෙරමුණේ ශ්‍රීලනිපයත් මහ මැතිවරණයකට යාමට උත්සාහ කරමින් සිටිතැයි චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා හෙළිකළේය. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් නැවත එවන් උත්සාහයක් දැරුවහොත් ඊට එරෙහිව කටයුතු කිරීමට එක්සත් ජාතික පක්ෂය පෙරසේ ඉදිරියට පැමිණෙන බව ඔහු සඳහන් කළේය.