I ජයන්ත සමරකෝන්
අලුගෝසු තනතුරු සඳහා තෝරාගන්නා දෙදෙනා වහාම මානසික රෝග පිළිබඳ වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇතැයි බන්ධනාගාර මූලස්ථාන ආරංචිමාර්ග අනාවරණය කරයි.
මෙම දෙදෙනාට මාසයක පුහුණුවක් ලබාදීමෙන් පසු රාජකාරි සඳහා යෙදවීමට නියමිත යැයිද, එසේම ඒ පිළිබඳ කිසිදු තොරතුරක් මාධ්‍යයට ලබා නොදෙන ලෙසට ඉහළින් නියෝගයක් ද ලැබී ඇතැයි සඳහන්ය. මෙවර සම්මුඛ පරීක්ෂණය සඳහා අයැදුම්කරුවන් 79 දෙනකු කැඳවා ඇතත් පැමිණ ඇත්තේ 32 දෙනෙකි. ඒ අතර උපාධිධාරියකු ද සිටීම විශේෂ සිද්ධියකි.
අලුගෝසු තනතුරේ පුරප්පාඩු පවතින්නේ 2012 වසරේ සිටය. කම්කරැ ශ්‍රේණියේ තනතුරක් වන මෙහි වැටුප රුපියල් 32,625කි.