I දේශපාලන වාර්තාකරු
කැබිනට් අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව වැඩි කෙරෙන එ.ජා.පයේ ජාතික ආණ්ඩු යෝජනාව ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කර තිබේ. එ.ජා.ප.යේ ජ්‍යෙෂ්ඨයන් තමන් හමුවී ජාතික ආණ්ඩු යෝජනාව ඉදිරිපත් කළ බවත් තමන් එය එකහෙළා ප්‍රතික්ෂේප කළ බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ශ්‍රී.ල.නි.ප. පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් හමුවේදීය.
ඒ සමඟම එ.ජා.ප.යෙන් ලබාදුන් යෝජිත ඇමැති ලැයිස්තුවද තමන් ප්‍රතික්ෂේප කළේ යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කීය. තමන් නැවතත් එ.ජා.ප.ය සමඟ ජාතික ආණ්ඩුවකට නොයන බැවින් ඒ ගැන කෙරෙන ප්‍රචාරවලට නොරැවටෙන්නැයි ශ්‍රී.ල.නි.ප. මන්ත්‍රීන්ට ජනපතිවරයා කීය.
ඒ නිසා ජාතික ආණ්ඩු ගැන කතා නොකර පක්ෂයේ ඉදිරි සංවිධාන කටයුතු තර කරන්නැයිද ජනාධිපතිවරයා හ්‍රී.ල.නි.ප. මන්ත්‍රීන්ට කීය.