I දේශපාලන වාර්තාකරු
ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක් පැවැත්වීමට තිබෙන හැකියාව ගැන ප්‍රධාන පක්ෂ තුන සාකච්ඡාවකට සැරසෙන බව දේශයට වාර්තා වෙයි.
දැනටමත් එ.ජා.ප.යේ හා ශ්‍රීල.නි.ප.යේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් මෙම අදහස විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාට ඉදිරිපත් කර තිබේ. මෙලෙස හදිසියේ කරළියට පැමිණි මහ මැතිවරණ යෝජනාව ගැන සාකච්ඡාවකට රනිල් මහින්ද මෛත්‍රී තිදෙනාම නිල නොවන එකඟත්වයකට පත්ව ඇතැයිද දැනගන්නට තිබේ.
ඒකාබද්ධ විපක්ෂය නිල නොවන මට්ටමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සඳහා නම්කර තිබේ. එ.ජා.ප.යද රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කරන බව කියයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද ශ්‍රීලනිපයෙන් ජනාධිපති අපේක්ෂකත්වයට සැරසෙන බව පවසයි. එහෙත් ප්‍රධාන පක්ෂ තුනේම ජනාධිපති අපේ ක්ෂකයන් ගැන විකල්ප අදහස්ද ඉදිරිපත්ව තිබේ. එයින් අලුත්ම යෝජනාව වන්නේ එ.ජා.ප.යේ පසුපෙළ මන්ත්‍රී පිරිසක් කරළියට ගෙන ආ සජිත් සහ මංගල රජයේ ප්‍රධාන තනතුරු දෙකට ඉදිරිපත් කළ යුතුය යන යෝජනාව බව එ.ජා.ප. ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.