2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා

ලංකාවෙන් පැන්න බංගලි කුඩු රැජන චීනයේදී කොටු

 2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30 44

I ගයාන් ගාල්ලගේ

පාකිස්තානු මත්ද්‍රව්‍ය ජාලයේ මෙරට ප්‍රධානියකු වූ බංගලිදේශ කාන්‍තාව චීනයේදී එරට ආරක්ෂක අංශවලින් පසුගියදා අත්අඩංගුවට ගනු ලැබ සිටී. ඒ හෙරොයින් කිලෝග්‍රෑම් පහක් ද සමඟය.

පසුගිය කාලේ හෙරොයින් කිලෝ 270ක්, 32ක් වශයෙන් කිහිප අවස්ථාවක්දී ගෙන්වා තිබූ ඇය තාවකාලිකව පදිංචිව සිට ඇත්තේ මෙරටය. පසුව මත්‍ද්‍රව්‍ය නාශක කාර්යංශයට කරුණු අනාවරණය වීමත් සමඟ ඇය අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීමේදී ඩුබායි රාජ්‍යයට පැනගොස් තිබිණි.

එහි රැඳී සිටි ඇය චීනය සහ පාකිස්තාන මත්ද්‍රව්‍ය ජාලය අතර ගනුදෙනුව සිදුකිරීමට පත් කර ඇති අතර එය මෙහෙයවමින් සිටියදී අත්අඩංගුවට පත්ව ඇතැයි සඳහන් වේ.