2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා

නව අගවිනිසුරු 29 වැනිදා

 2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30 36

I අධිකරණ වාර්තාකරු

අගවිනිසුරු නලීන් පෙරේරා මහතා සිය ධුරයෙන් විශ්‍රාම ගැනීම නිමිත්තෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ චාරිත්‍රානුකූල සැසිවාරය සිකුරාදා (5දා) පැවැත්විණි. විශ්‍රාම යන අගවිනිසුරුවරයා වෙනුවට පත්කෙරෙන නව අගවිනිසුරුවරයා මෙම අප්‍රේල් මස 29 දින දිව්රුම් දීමට නියමිත බව (දේශය)ට වාර්තා වෙයි. 

අධිකරණ නිවාඩුව නිසා නව පත්කිරීම එදිනට යොදාගෙන ඇතැයි වාර්තා වේ.

නව අගවිනිසුරු ධුරය සඳහා දැනට නම් තුනක් යෝජනා වී ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.

ඒ ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරු ජනාධිපති නීතිඥ බුවනෙක අළුවිහාරේ සහ නීතිපති ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සිසිර ද ආබ_ යන මහත්වරුන්ගේ නම්ය. මහත්වරුන්ගේ නම්ය. එහෙත් අගවිනිසුරු පත්වීම අනුමත කළ යුතු පාර්ලිමේන්තු ව්‍යවස්ථා සභාවට මෙතෙක් යෝජිත නම් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර නැත.