2019 මාර්තු 30 වන සෙනසුරාදා

අර්ජුන් මහේන්ද්‍රන්ගේ චෝදනා පත්‍රය සිංගප්පූරුවට

 2019 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 12:30 256

දේශපාලන වාර්තාකරුl

මහ බැංකු බැඳුම්කර වංචාවේ ප්‍රධාන චූදිතයා වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට එල්ල කෙරෙන චෝදනා පත්‍රයේ පිටපතක් ඉක්මනින් තමන් වෙත සපයන්නැයි සිංගප්පූරු නීතිපතිවරයා ශ්‍රී ලංකා නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඒ අනුව චෝදනා රැසකින් සමන්විත අධිචෝදනා පත්‍රයේ පිටපතක් ඉදිරි සතිය වනවිට සිංගප්පූරු නීතිපතිවරයා වෙත යැවෙනු ඇතැයි නීතිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් දැනට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙන බී වාර්තාව අනුව මෙහි චෝදනා 20කට වැඩි ගණනක් ඇති බව පොලීසිය පවසයි.

මෙම චෝදනා පත්‍රය ලැබුණු වහාම දැනට ජාත්‍යන්තර පොලීසිය නිකුත්කර තිබෙන රතු නිවේදනය ප්‍රකාරව මහේන්ද්‍රන්ට එරෙහිව සිංගප්පූරු රජය නීතිමය පියවර ගනු ඇතැයිද පොලිස් ආරංචි මාර්ග කියයි.

 

 

 2025 ජුලි 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00