I ව්‍යාපාරික වාර්තාකරු
සේවක අර්ථසාධක අරමුදල පසුගිය කාලයේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතනවල සිදුකළ මූල්‍ය ආයෝජනවලින් රුපියල් කෝටි 1600ක් අලාභ ලබා ඇතැයි එම අරමුදලේ ආරංචි මාර්ග සඳහන් කරයි.
අර්ථසාධක අරමුදලේ නවතම දත්තවලට අනුව පසුගිය වසර කිහිපය තුළ එම ආයතනය මෙලෙස ආයෝජනය කර තිබූ මුළු ආයෝජනවල වටිනාකම රුපියල් කෝටි 8000කි. (රුපියල් බිලියන 80කි) එහෙත් මෙම ආයෝජනවල වත්මන් වෙළෙඳපොළ වටිනාකම ලෙස (2018.12.31 දිනට) වාර්තා වී ඇත්තේ රුපියල් කෝටි 6400කි. (බිලියන 64කි) ඒ අනුව ලබා ඇති ශුද්ධ අලාභය රුපියල් කෝටි 1600කි (බිලියන 16කි)
පෞද්ගලික අංශයේ සේවය කරන ලක්ෂ 60ක් වන සමස්ත සේවක ප්‍රජාවගෙන් ලක්ෂ 50ක පමණ පිරිසකගේ වැටුප් දායකත්වයෙන් හා සේව්‍යයන්ගේ දායකත්වයෙන් සේවක අර්ථසාධක අරමුදල වාර්ෂිකව ලබන ආදායම රුපියල් කෝටි සිය ගණනකි.