2019 මාර්තු 16 වන සෙනසුරාදා

මල්වතු මහා විහාරයෙන් කරු ජයසූරියට දේශභිමානී සම්මානය

 2019 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 22

I දේශපාලන වාර්තාකරු

කතානායක කරුජයසූරිය මහතාට මහනුවර මල්වතු මහා විහාරයෙන් ශාසන කීර්ති ශ්‍රී දේශාභිමානී සම්මානය පිරිනැමීමට තීරණය කර තිබේ.

එම සම්මානය ප්‍රදානය ලබන 19දා (අඟහරුවාදා) මල්වතු පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරේ.

මෙදින මල්වතු මහා විහාරීය උපෝසථාගාරයේදී රුස්වන මල්වතු පාර්ශ්වයේ කාරක සංඝ සභාව විසින් ඊට අදාළ සන්නස් පත්‍රය කියවා කතානායකවරයාට සම්මාන ප්‍රදානය කෙරෙනු අැත.. මෙම අවස්ථාවට කරු ජයසූරිය මහතාගේ පවුලේ සාමාජිකයන් හා බුද්ධශාසන කටයුතු පිළිබඳ අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාද සහභාගී වෙති.