2019 මාර්තු 16 වන සෙනසුරාදා

ඇපැල් උසාවියේ සභාපති ධූරයට විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ

 2019 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 47

I අධිකරණ වාර්තාකරු

මාස කිහිපයක් තිස්සේ පුරප්පාඩුව පැවති අභියාචනාධිකරණයේ සභාපති ධුරය සඳහා අභියාචනාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය පත්කිරීමට ජනාධිපතිවරයා විසින් නිර්දේශ කර ඇත.

පසුගිය මාස කිහිපයක් තිස්සේ වාර ගණනාවක් මෙම තනතුර සඳහා නිර්දේශ කරන ලද විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මියගේ නම ව්‍යවස්ථා සභාව විසින් ප්‍රතික්ෂේප කරන ලදී. අනතුරුව පැවති අර්බුදකාරී තත්ත්වය සමථයකට පත් කිරීමට විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ මහත්මියගේ නම යෝජනා කැරිණි.

එසේම දැනට පුරප්පාඩුව පවත්නා අභියාචනාධිකරණ විනිසුරු ධුරය සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසෙටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතාගේ නම ජනාධිපතිවරයා විසින් නිර්දේශ කර ඇත.