දේශපාලන වාර්තාකරු l
වත්මන් රජය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනස් කිරීමට ගෙන ඇති තීරණය ජාතික ආරක්ෂාවට බලවත් තර්ජනයක් බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා දේශයට කීය.
තමන් වෙත වාර්තා වී ඇති ආකාරයට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හදිසි නීතිය යටතේ ගෙන ඒම රජයේ සැලැසුම බවත් රජය එම උපක්‍රමය යොදන්නේ වෘත්තීය සමිති සටන් හා ශිෂ්‍ය අරගල මර්දනයට බවත් රාජපක්ෂ මහතා කීය. මෙම පනතට අදාළ ත්‍රස්ත ක්‍රියාවක් සිදුවුවහොත් ඒ ගැන නඩු විභාගය වසර 10කට කල්දැමිය හැකි අරුම පුදුම විධිවිධානයක්ද එහි ඇතුළත් වන අතර එමගින් ත්‍රස්තවාදයටත් ත්‍රස්තවාදීන්ටත් රජය උපරිම අනුග්‍රහයක් දැක්වීම ගැන තමන්ට සිතාගත නොහැකි යැයිද හෙතෙම කීය.
ශ්‍රී ලංකාව පොලිස් රාජ්‍යයක් බවට පත් කරන්නට වත්මන් හවුල් ආණ්ඩුව ක්‍රියාකරමින් සිටින බව කී රාජපක්ෂ මහතා මේ වසර අවසානයේ පිහිටුවන තම රජයක් යටතේ මෙබඳු අත්තනෝමතික නීති සහමුලින් අහෝසි කරන බවද සඳහන් කළේය.