2019 මාර්තු 09 වන සෙනසුරාදා

එෆ්. සී. අයිඩියත් සී. අයි. ඩී යට

 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 41

I දේශපාලන වාර්තාකරු

රටේ අපරාධ මර්දන මෙහෙයුම් වේගවත් කිරීමේ අරමුණින් එෆ්.සී.අයි.ඩී.ය (පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය) සී.අයි.ඩී.ය (අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව) යටතට පත් කිරීමට ජනාධිපතිවරයා තීන්දු කර .තිබේ.

ඒ අනුව ආරක්ෂක අමාත්‍යවරයා සහ පොලීසිය භාර අමාත්‍යවරයා ලෙස අද හෙටම ඊට අදාළ නිල නියෝගය නිකුත් කෙරෙන බව ජනාධිපති කාර්යාලයීය ආරංචි මාර්ග කියයි.

පසුගිය කාලයේ එෆ්.සී.අයි.ඩී. ආයතනය භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි වෛද්‍යාලංකාර විශ්‍රාම ලැබීය. ඒ වෙනුවට වෙනත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු එෆ්.සී.අයි.ඩියට පත් කෙරුණේ නැත.

එෆ්.සී.අයි.ඩී.ය සී.අයි.ඩී.ය යටතට පත්කළ පසු එය පාලනය වන්නේ සී.අයි.ඩී.යේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න යටතේය. ඔහු යටතේ රජයේ මුල්‍ය අපරාධ හා සෙසු අපරාධ ගැන ඒකාබද්ධ මෙහෙයුම් දියත් කිරීම ඉදිරි සැලසුමයි. ලබන අප්‍රේල් මස විශ්‍රාම ලබන්නට සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න මහතාට තවත් වසරක සේවා දිගුවක් ලබාදීමටද ජනාධිපතිවරයා දැනටමත් තීන්දුකර ඇතැයි දේශයට වාර්තා වෙයි.

 

 

 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00