2019 මාර්තු 09 වන සෙනසුරාදා

එස්. බී. ජවිපෙට දෙහි කපයි

 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 35

I ගයාන් ගාල්ලගේ

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ ගෙන එන යෝජනාව එක්සත් ජාතික පක්ෂයේ කොන්ත්‍රාත්තුවක් නිසා එයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිම සහයක් ලබා නොදෙන බව ශ්‍රීලනිප භාණ්ඩාගාරික, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා සඳහන් කළේය.

විධායකයෙහි බලතලවල යම් වෙනසක් සිදුවුවත් කිසිදු විටෙක විධායකය සම්පූර්ණයෙන් අහෝසි කිරීමට සහාය ලබාදීමක් නොකරන බව හෙතෙම සඳහන් කළේය.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා සම්පූර්ණයෙන් රට අවුල් සහගත වූ බවත් ජනතා විමුක්‍ති පෙරමුණ නැවත කරන්න යන්නේ ඒ අවුල තව තවත් වැඩිකිරීම බව එස්.බී. දිසානායක මහතා වැඩිදුරටත් කීය.