I යසවර්ධන රුද්රිගු
2019 අයවැය ලේඛනය හේතුවෙන් කිසිදු ආනයනික අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයක මිල වැඩි නොවන බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ජී. රාජේන්ද්‍රන් දේශයට පැවසීය.
අයවැය ලේඛනයෙන් ආනයන බදු වැඩිකර නොමැති නිසා සීනි, පිටි, පරිප්පු, කිරිපිටි, අල, ලුණු ආදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල වැඩි නොවන බව ඔහු වැඩිදුරටත් පැවසීය. ඒ නිසා ළඟදී එළඹෙන උත්සව දිනවලදී මෙම භාණ්ඩවල මිල ඉහළ යාවි යැයි පාරිභෝගිකයා සැකයක් ඇතිකරගත යුතු නොමැති අතර ඉදිරියේදී අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම අඩුවීමේ ප්‍රවණතාවක් දක්නට ඇති බැවින් යම් මිල අඩුවීමක් සිදුවනු ඇතැයිද ඔහු විශ්වාසය පළ කළේය.