2019 මාර්තු 09 වන සෙනසුරාදා

එජාප මන්ත්‍රී පිරිසක් රහස් සාකච්ඡාවක

 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 29

I ගයාන් ගාල්ලගේ

ජනාධිපති වැය ශීර්ෂය පරාජය කිරීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරන එජාප මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තුවේ පක්ෂ කිහිපයක මන්ත්‍රීවරුන් පිරිසක් සමඟ රහසිගත සාකච්ඡාවක් පවත්වා ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම සාකච්ඡාවේදී වැයශීර්ෂය පරාජය කිරීම සම්බන්ධයෙන් එම මන්ත්‍රීවරුන්ගේ සහාය එජාප මන්ත්‍රීවරු විසින් ඉල්ලා ඇතැයි දැනගන්නට තිබේ. එහෙත් එම මන්ත්‍රීවරුන් ඊට එකඟත්වය පළකර නැතැයිද ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි. 
එම සාකච්ඡා ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් සමඟද සිදුකර ඇති බව දැනගන්නට ඇත.

 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00