2017 පෙබරවාරි 18 වන සෙනසුරාදා

සඳහිරු සෑයේ නිදන් වස්තු පරීක්ෂණයකට

 2017 පෙබරවාරි 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 501


අනුරාධපුර සඳහිරු සෑයේ නිධන් වස්තු ලෙස රනින් කළ බෝගසක් සහ බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කිරීමට ශ්‍රී ලංකා රේගුව සතුව තිබූ රත්‍රන් ලබාගැනීම සම්බන්ධව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය පරික්ෂණයක් ආරම්භ කර ඇතැයි වාර්තාවෙයි.

සඳහිරු සෑයේ නිර්මාණ උපදේශක කමිටුවේ සාමාජිකයන් වූ නායක හිමිවරුන් හා විද්වතුන්ගෙන් සමන්විත මණ්ඩලයක නිර්දේශ පරිදි මෙම නිධන් වස්තු තැන්පත් කිරීම සිදුකර ඇතැයි කියැවේ.

ඒ සඳහා රේගුව විසින් රාජසන්තක කළ රත්‍රන් ලබාගැනීමේදී නීති විරෝධි ක්‍රියාවක් සිදුව තිබේද යන්න ගැන කෙරෙන පරික්ෂණයේදී දැනටමත් හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල් ජගත් විජේවීර හා සඳහිරු සෑය ව්‍යාපෘතිය භාරව සිටි මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දුගෙන් ප්‍රශ්න කර තිබේ. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන්ද පසුගිය සිකුරාදා මේ ගැන ප්‍රකාශයක් ලබාගත් බව පොලිස් ආරංචි මාර්ග කියයි.

I ආරක්ෂක වාර්තාකරු