2017 පෙබරවාරි 18 වන සෙනසුරාදා

කුණු තහනමට කැබිනට් පත්‍රිකාවක්

 2017 පෙබරවාරි 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 115


 

කොළොන්නාව කුණු කන්දට කුණු දැමීම තහනම් කිරීම සඳහා ලබන සතියේ විශේෂ කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කෙරෙන බව දේශයට වාර්තා වෙයි.

එය අනුමතවීමත් සමඟ කොළොන්නාවේ තිබෙන කුණුවලින් සහ අපද්‍රව්‍ය කොටස් කරදියාන ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයටත් සෙසු කුණු ජාඇළ ප්‍රදේශයටත් ගෙන යාමට නියමිතය. මේ හැර ඉතා ඉක්මණින් මුතුරාජවෙල ප්‍රදේශයේ කුණු ප්‍රතිචක්‍රියකරණ මධ්‍යස්ථානයක් අරඹා එහි කැළිකසළ වලින් විදුලිය නිපදවීමටද රජය සැලසුම්කර තිබේ.

කොළොන්නාව කුණු කන්ද එම ස්ථානයෙන් ඉවත් කිරීම සඳහා ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පසුගිය කාලයේ ප්‍රායෝගික සැලසුමක් සකස්කර තිබූ අතර ඒ ගැන ජනාධිපතිවරයා හා අගමැතිවරයා සමඟද සාකච්ඡා කළේය. එම සාකච්ඡාවේදී එළඹගත් තීරණ අනුව මෙම කටයුතු සිදු කෙරේ.

I සංජීවිකා සමරතුංග