2017 පෙබරවාරි 18 වන සෙනසුරාදා

සුද්දන්ගේ සිම්කාඩ් පාතාලය අතේ

 2017 පෙබරවාරි 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 198


 

දකුණේ පාතාලය විසින් සිදුකරන ඝාතන ඇතුළු නොයෙකුත් අපරාධ සඳහා යොදාගෙන ඇති දුරකථන සිම්පත් විදේශිකයන්ගේ නමට මිලදී ගෙන ඇති බව බුද්ධි අංශ පරික්ෂණයේදි හෙළි වී ඇත.

සංචාරය සඳහා පැමිණෙන විදේශිකයන්ගේ නමට නවාතැන් ගන්නා හෝටල් වලින් සිම්පත් මිලදීගෙන ලබාදී ඇති අතර ඔවුන් නැවත විදෙස් ගතවනවිට එම සිම්පත් හිමිකරුවන් විසින් ලබාගන්නා බව අනාවරණය වී තිබේ. එසේ ලබාගන්නා සිම්පත් දකුණේ පාතාලයේ පුද්ගලයන් සඳහා වැඩි මිලකට අලෙවිකර තිබිණි.

එසේ මිලදීගත් සිම්පත් ඝාතන මෙහෙයවීමටත්, හෙරොයින් සහ කංසා ජාවාරමටත් භාවිතා කර තිබේ.

කෙසේ වෙතත් මේ සංවිධානාත්මක ජාවාරම සම්බන්ධයෙන් ඉදිරියේදී හෝටල් හිමිකරැවන්ටත්, අදාළ සිම්පත් සමාගම්වලටත් එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතව ඇතැයි පොලිස් ආරංචිමාර්ග කියයි.

I ගයාන් ගාල්ලගේ