2019 මාර්තු 02 වන සෙනසුරාදා

විධායක ජනාධිපති ක්‍රමය නැති කිරීමට පක්ෂ 5ක් විරුද්ධයි

 2019 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 12:30 297

I සංජීවිකා සමරතුංග

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවට ප්‍රධාන දේශපාලන පක්ෂ 5ක් විරෝධය පළකර ඇත. 

ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, වතුකර පක්ෂ තුනකින් සමන්විත දෙමළ ප්‍රගතිශීලී පෙරමුණ, ජාතික හෙළ උරුමය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) පක්ෂයේ ප්‍රබලයන් පිරිසක් මෙකී යෝජනාවට විරුද්ධ අය අතර වෙති.

එම නිසා පසුගිය දින කිහිපයක් තිස්සේ දැඩි කතාබහට ලක්ව තිබූ ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාව ක්‍රියාත්මක නොවීමට බොහෝ දුරට ඉඩ ඇතැයි දැනගන්නට ඇත.