I සංජීවිකා සමරතුංග
රාජ්‍ය නායකයන් ගණනාවකගේ නිල නිවාසය වූ විසුම්පාය (පැරැණි ඇක්ලන්ඩ් හවුස් නිවස) කුඩා පරිමාණයේ සුපිරි හෝටලයක් (බුටික් හොටෙල්) බවට පත්කිරීමට රජය තීරණය කර තිබේ.
බ්‍රිතාන්‍ය පාලන සමයේ ඉදි වූ මෙම සුපිරි නිල නිවස කලක් බ්‍රිතාන්‍ය පාලකයන්ගේ සහ ව්‍යාපාර ප්‍රධානින් කිහිපදෙනෙක් ගේ නිවහනක් විය. ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ පාලන කාලයේ මෙය අලුත්වැඩියා කොට විසුම්පාය නමින් නම් කරනු ලැබීය. අනතුරුව සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය, දි.මු. ජයරත්න යන අග්‍රාමාත්‍යවරුන්ද ලක්ෂ්මන් කදිරගාමර්, අනුර බණ්ඩාරනායක සහ මහාචාර්ය ජී.එල්. පීරිස් ආදී අමාත්‍යවරු ද වරින්වර මෙහි නේවාසිකව සිටියහ.
දැනට මෙම නිවස බස්නාහිර පළාත් හා මහනගර සංවර්ධන අමාත්‍යංශයට අයත්ය. එම අමාත්‍යංශයේ තීරණයක් අනුව විසුම්පාය ඉහළ පෙළේ රාජ්‍ය අමුත්තන් සඳහා වන කාමර 20ක සුපිරි හෝටලයක් බවට පත් කෙරෙනු ඇත.