2019 පෙබරවාරි 23 වන සෙනසුරාදා

රන්ජන් ගෙදර යවනු එජාප පසුපෙළින් ගෝරි

 2019 පෙබරවාරි 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 98

I ගයාන් ගාල්ලගේ

එක්සත් ජාතික පක්ෂයේ කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන්ටත්, මන්ත්‍රීවරුන්ටත් කොකේන් චෝදනා එල්ල කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් කළ යුතු බවට එජාප මැති ඇමති පිරිසක් අග්‍රාමාත්‍යවරයාට පැමිණිලි කර තිබේ.

ඔහුගේ ප්‍රකාශය හේතුවෙන් එජාපය කෙරෙහි ජනතා විශ්වාසය කඩවනවා සේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ ගෞරවය කෙළසීමක්ද නිසා වහාම ඔහුව මන්ත්‍රී ධූරයෙන් ඉවත් කළයුතු බව ඔවුන් දන්වා ඇතැයි සඳහන් වේ.
කෙසේ වෙතත් එජාප මන්ත්‍රීවරු කොකේන් පානය කරනවාද නැද්ද යන්න සොයාබැලීම සඳහා පත්කළ කමිටුවට රන්ජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයා කැඳවා නම් ලැයිස්තුව ඉදිරිපත් කරන ලෙසද දන්වා ඇත. එහිදී එම චෝදනාව අසත්‍ය වුවහොත් ඔහුව නියත වශයෙන්ම මන්ත්‍රී ධූරයෙන් ඉවත් කළයුතු බව මන්ත්‍රීවරු දන්වා තිබේ.