2019 පෙබරවාරි 23 වන සෙනසුරාදා

විභාගයට මාස 5යි ගුරු අත්පොත් ඉල්ලා නඩු

 2019 පෙබරවාරි 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 63

I අධිකරණ වාර්තාකරු

මෙම වසරේ අගෝස්තු මස පැවැත්වෙන අ.පො.ස. උසස්පෙළ විභාගයේ ජීවවිද්‍යා විෂය නිර්දේශය ඉගැන්වීමට අදාළ සම්පූර්ණ ගුරු අත්පොත (සම්පත් පොත) මෙතෙක් පාසල්වලට ලබානොදීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමට සූදානම් වන බව පාසල් සංවර්ධන සමිති නියෝජිතයෝ ගණනාවක් දේශයට කීහ.

මේ ගැන අප වෙත කරුණු දැක්වූ පාසල් සංවර්ධන සමිති නියෝජිතයන් කිහිපදෙනකු පැවසුවේ ජීවවිද්‍යා විෂයට නියමිත පාඩම් 10න් මෙතෙක් ලබාදී ඇත්තේ පාඩම් 7කට අදාළ ගුරු අත්පොත් සටහන් පමණක් බවය. ඒවාද ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් නිකුත් කිරීමෙන් සිංහල මාධ්‍යයෙන් ජීව විද්‍යාව හදාරන ලක්ෂ සංඛ්‍යාත සිසු පිරිසකට බරපතළ අසාධාරණයක් සිදුවන බවද ඔව්හු පැවසූහ.

පාසල් මාර්ගයෙන් මේ ගැන අදාළ බලධරයන්ගෙන් කොපමණ ඉල්ලීම් කළත් සාධාරණය ඉටුනොවන නිසා නඩු පැවරීම හැර විකල්පයක් නැතැයි ඔවුහු වැඩිදුරටත් සඳහන් කළෝය. විභාගයට ඇත්තේ තවත් මාස 5කි. එබැවින් තමන් කඩිනමින් නීතිමය පියවර ගන්නා බවද ඒ අය පැවසූහ.