2019 පෙබරවාරි 23 වන සෙනසුරාදා

වසර 10කට පසු යුද්ධයේ සත්‍ය සොයයි

 2019 පෙබරවාරි 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 42

සංජීවිකා සමරතුංග l

මෙයට වසර 10කට පෙර නිම වූ උතුරු නැගෙනහිර යුද්ධයේ සිදුවීම් සම්බන්ධයෙන් සත්‍ය සෙවීමේ කොමිසමක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇත.

මෙම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව සම්බන්ධයෙන් දැනටමත් ඇමැතිවරුන්ගෙන් නිරීක්ෂණ කැඳවා තිබේ. 
යුද සමයේ සිදුවූවායැයි ඇතැමුන් චෝදනා කරනා අපරාධ සම්බන්ධයෙන් පාපොච්චාරණය කිරීමට අවස්ථාව සලසා දීමට  කොමිසම ස්ථාපිත කෙරෙන බව කියැවේ.

මෙම විෂය සම්බන්ධයෙන් මීට පෙර විවිධ කොමිෂන් සභා 5ක් පත්කොට කරුණු විමර්ශනය කෙරිණි. පරණගම කොමිසම, එල්.එල්.ආර්.සී. කොමිසම, අතුරුදන්වූවන්ගේ කොමිසම, මානව හිමිකම් කොමිසම ආදී කොමිෂන්වලින් පසුව සත්‍ය සෙවීමේ කොමිසමක් ද ස්ථාපිත කිරීම මෙම යෝජනාවේ අරමුණයි.