2019 පෙබරවාරි 02 වන සෙනසුරාදා

විපක්ෂයේ පොදු සන්ධානය ලබන සතියේ - වාසු

 2019 පෙබරවාරි 02 වන සෙනසුරාදා, ප.ව. 12:30 37

I ගයාන් ගාල්ලගේ

එළඹෙන මැතිවරණ සඳහා නව පොදු සන්ධානයක් බිහිකිරිම එළඹෙන සතියේ ආරම්භ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා දේශයට පැවසීය. ශ්‍රී ලංකා පොදුජන පක්ෂය කේන්ද්‍ර කරගනිමින් මෙම පොදු සන්ධානය ආරම්භ කරන අතර ඒ සඳහා පක්ෂ රැසක් එකඟතාවය පළකර ඇතැයි ඒ මහතා කීය. 

එසේ එකඟ වූ පක්ෂ සමඟ පොදු සන්ධානයට එළඹෙන සතියේ අත්සන් තබන බව හෙතෙම සඳහන් කළේය.

එම සන්ධානය ආරම්භ කිරීමෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සන්ධාන ගතවීම සඳහා ඉදිරියේදී එම පක්ෂය සමඟ සාකච්ඡා කරන බවද මන්ත්‍රීවරයා පැවසීය. මුස්ලිම් සහ දෙමළ පක්ෂ කිහිපයක්ම නව සන්ධානයට එක් වීමට දැනටමත් කැමැත්‍ත පළකර ඇතැයිද වාසුදේව නානායක්කාර මහතා කීය.