2019 ජනවාරි 26 වන සෙනසුරාදා

මෛත්‍රී-රනිල් ආණ්ඩුවකට අලුත්ම ප්ලෑනක්

 2019 ජනවාරි 26 වන සෙනසුරාදා, ප.ව. 12:30 758

I දේශපාලන වාර්තාකරු

ජනාධිපතිවරයා සහ ආණ්ඩුව අතර පවතින ගැටලු සමනය කොට තවදුරටත් දෙපක්ෂය එක්ව ජාතික ආණ්ඩුවක් පවත්වාගෙන යාම සඳහා තිරය පිටුපස ප්‍රබල දේශපාලන සාකච්ඡාවක් ආරම්භ වී තිබේ.

මෙයට අදාළ මූලික සාකච්ඡාව පසුගිය අඟහරුවාදා රාත්‍රියේ කොළඹ පිහිටි එ.ජා.ප. ජ්‍යෙෂ්ඨයකුගේ නිවසේදී පවත්වා ඇතැයි දේශයට වාර්තා වෙයි. ජනාධිපතිවරයාගේ පාර්ශ්වය නියෝජනය කරමින් ඊට සහභාගි වී ඇත්තේ ජනාධිපතිවරයාගේ පවුලේ සමීපතම ඥාතිවරයකු බව වැඩිදුරටත් දැනගන්නට ඇත. මෛත්‍රීපාල සිරිසේන මහතාට ජනාධිපතිධූර අපේක්ෂකත්වය නැවත ලබාදීමද සාකච්ඡා කළ කරුණු අතරවිය. 

මෙම දෙපක්ෂය සම්බන්ධීකරණය කොට ජනාධිපතිවරයාගේ සමීපතමයා සාකච්ඡාව සඳහා කැඳවාගෙන ගොස් ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයේ තරුණ එ.ජා.ප. මන්ත්‍රීවරයකු බවද සඳහන් වෙයි. මෙම සාකච්ඡාවේදී ඉදිරි පළාත් සභා මැතිවරණය ගැන මෙන්ම ජනාධිපතිවරණය හා මහ මැතිවරණය ගැනද සාකච්ඡා වී ඇතැයි දැනගන්නට ඇත.