2019 ජනවාරි 26 වන සෙනසුරාදා

අධික සීතල ඉවරයි

 2019 ජනවාරි 26 වන සෙනසුරාදා, ප.ව. 12:30 23

I එම්. ඉෂාක්ද

දිවයිනට බලපා තිබෙන අධික සීතල කාලගුණ තත්ත්වයට හේතුව ඉන්දියානු අර්ධද්වීපයේ සිට එන සුළං ප්‍රවාහයේ වෙනස්වීම බවත් ජනවාරි 24 හා 25 යන දිනවලින් පසුව මේ තත්ත්වය බොහෝදුරට පහව යනු ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ අනාවැකි, මෙරිල් මෙන්ඩිස් මහතා දේශයට පැවසීය.

දැනට වර්ෂාව නොමැතිවීම හා අහස වලාකුළුවලින් තොරවීම නිසා දිවා කාලයේ දැඩි රශ්මියක්ද රාත්‍රී කාලයේ වායුගෝලය සිසිල් වීමක්ද සිදුවන බවත් සුළං ප්‍රවාහයේ තිබෙන වියළි බව නිසා මේ තත්ත්වය ඇතිවන බව ඔහු කියයි. මේ සඳහා විශේෂයෙන් හරිතාගාර ආචරණ තත්ත්වය බලපාන බවද සඳහන් වේ.

 

 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00