I සමන්ත ප්‍රදීප් විල්තෙර
බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක කටයුතු උපදේශකව සිටි බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට බ්‍රිතාන්‍ය වෙස්මිනිස්ටර් අධිකරණය මගින් දඬුවම් කර ඇතැයි ඇතැම් වෙබ්අඩවි ගෙන යන ප්‍රචාරය අමූලික බොරුවක් බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු දේශයට පැවසීය.
එරට වෙස්මිනිස්ටර් අධිකරණය මගින් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට සිතාසියක් නිකුත් කර ඇතැයි කීවද එවැන්නක් තවමත් ප්‍රියංක ප්‍රනාන්දු වෙත හෝ යුද හමුදාව වෙත ලැබී නැතැයිද මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
මේ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය රජය හෝ අධිකරණය විසින් බ්‍රිගේඩියර්වරයාට හෝ ශ්‍රී ලංකා රජයට නීත්‍යානුකූලව දැනුම් දීමක් සිදුකළේ නම් යුද හමුදා නීති අංශය නීතිපති උපදෙස් ලබාගෙන විදේශ කටයුතු අමාත්‍යාංශය සමඟ එක්වී අදාළ පියවර ගන්නා බවද යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියයි.
ඉකුත් පෙබරවාරි 4 වැනිදා නිදහස් දිනයට සමගාමීව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ සැමරුම් උළෙලක් පැවැත්විණි. එහි ඉදිරිපිට දෙමළ ඩයස්පෝරාවේ විරෝධතාකරුවන් පිරිසක් උද්ඝෝෂණය කරද්දී බ්‍රිගේඩියර්වරයා හස්තමුද්‍රාවෙන් යමක් නිරූපණය කළ බවට චෝදනා කරමින් එරට නීතිය අනුව පොදු රීති පනත උල්ලංඝනය කිරීමේ චෝදනාවට අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇතැයිද වාර්තා වී තිබිණි.