2019 ජනවාරි 19 වන සෙනසුරාදා

මැති ඇමැතින්ගේ එස්.ටී.එෆ්. ආරක්ෂාව ඉවතට

 2019 ජනවාරි 19 වන සෙනසුරාදා, ප.ව. 12:30 55

I සංජීවිකා සමරතුංග

මෙතෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීන් හා අමාත්‍යවරුන්ට ලබා දී තිබූ එස්. ටී. එෆ්. ආරක්ෂාව වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට ආරක්ෂක අමාත්‍යංශය තීරණය කර ඇතැයි දේශයට වාර්තා වෙයි.

ආරක්ෂක නීතිය හා සාමය භාර අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇත. එහෙත් යම් දේශපාලනඥයකුට ආරක්ෂක තර්ජන ඇතැයි ජනාධිපතිවරයාට පැමිණිලි කළහොත් තර්ජන තක්සේරු කිරීමේ කමිටුව (ත්‍රෙට්-ඇසෙස්මන්ට් කොමිටි) මගින් ඒ ගැන විමර්ශනය කෙරේ. පැමිණිල්ලේ සත්‍යතාවක් ඇතැයි තහවුරු වුවහොත් පමණක් ජනාධිපතිවරයාගේ නියමය මත එස්.ටී.එෆ්. ආරක්ෂකයන් සැපයීම අනුමත කිරීමටද තීරණයක් ගෙන තිබේ.