I ගයාන් ගාල්ලගේ
එක්සත් ජනතා නිදහස් සන්ධානයට සම්බන්ධ සියලුම සුළු පක්ෂ නැවත සන්ධානයට සහයෝගය ලබා නොදීමට තීරණය කළ බවට ලිඛිතවත් වාචිකවත් දැනුම් දුන් බව නව සිහළ උරුම පක්ෂයේ නායක සරත් මනමේන්ද්‍ර මහතා දේශයට පැවසීය.
එසේම මින් ඉදිරියට එම පක්ෂ සියල්ල එකතු වී මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය දැක්වීමට ඒකමතිකව තීරණය කළ බව හෙතෙම සඳහන් කළේය.
මෙම තීරණය ගැනීමට හේතුව පසුගියදා පැවති ශ්‍රීලනිප විධායක රැස්වීමේදී ජනාධිපතිවරයා විසින් සන්ධාන පක්ෂ දැඩි ලෙස විවේචනය කිරීමත් එසේම සන්ධානයට සම්බන්ධයක් නොමැති පක්ෂ නායකවරුන්ට ආණ්ඩුකාරධුර ලබාදීමත් යන හේතුකාරණා නිසා බව මනමේන්ද්‍ර මහතා කීය.
එක්සත් ජනතා නිදහස් සන්ධානය පුළුල් කර සක්‍රීය කරන ලෙසට යෝජනා කිහිප වතාවක් පක්ෂයේ මහලේකම්වරයාට ලබා දුන් බවත් එහෙත් එම යෝජනා කුණු කූඩයට විසිවූ බවත් මේ නිසා තවදුරටත් සන්ධානයේ සිටීම පලක් නොමැති බව පක්ෂ සියල්ල තීන්දු කළ බවත් ඔහු සඳහන් කළේය.