2023 මැයි 28 වන ඉරිදා

ව්‍යවස්ථා සභාවේ නිර්දේශයකට ජනපති බෑ කියයි

 2023 මැයි 28 වන ඉරිදා, පෙ.ව. 06:03 453

දේශපාලන වාර්තාකරු |

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජිකයකු ලෙස පත්කරන ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ජනාධිපතිවරයාට නිර්දේශ කරන ලද නම් අතරින් එක් නමක් ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග කියයි.

මෙලෙස ප්‍රතික්ෂේප කර ඇත්තේ එස්. රනුග්ගේ මහතාගේ නම බවද දේශයට වාර්තා වෙයි. පසුගියදා මේ සම්බන්ධව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වූ විට දීර්ඝ විවාදයක් හටගෙන තිබිණි. එහිදී ව්‍යවස්ථා සභාව නියෝජනය කරන සිවිල් සමාජ සාමාජිකයන් ප්‍රමුඛ පිරිසක් ප්‍රකාශ කර තිබුණේ ව්‍යවස්ථා සභාව නිර්දේශ කරන නම් කිසිවකුට ප්‍රතික්ෂේප කිරීම කළ නොහැකි බවය. එහෙත් ව්‍යවස්ථා සභාව ඒ ගැන අවසන් තීන්දුවක් ගෙන නැත.

 

 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00