2023 මැයි 21 වන ඉරිදා

හොර ආචාර්යවරුන් සොයන්න නියාමන ආයතනයක්

 2023 මැයි 21 වන ඉරිදා, පෙ.ව. 06:00 61

ගයාන් ගාල්ලගේ l

ව්‍යාජ ආචාර්ය සහ මහාචාර්ය පට්ටම් ලබා දෙනු ලබන ආයතන සහ ලබාගත් පුද්ගලයන් සම්බන්ධයෙන් සොයා බලා කටයුතු කිරීම සඳහා විශ්වවිද්‍යාල කොමිෂන් සභාව නියාමන ආයතනයක් බවට පත්කිරීමේ නීති මේ දිනවල සකසමින් තිබෙන බව එම කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා දේශයට පැවසීය.

ඒ අනුව එලෙස ආචාර්ය මහාචාර්ය නාමයන් ලබා දෙන ආයතන පමණක් නොව විදෙස් රටවල විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබාගෙන එන එම ගෞරව නාම සම්බන්ධයෙන්ද සොයා බැලීමක් ඒ හරහා සිදු කළ හැකි බව හෙතෙම සඳහන් කළේය.

මෙම සිදුවීම් සම්බන්ධයෙන් පසුගියදා කෝප් කමිටුව තුළදී ප්‍රශ්න කෙරී ඇති අතර ඉදිරි කෝප් රැස්වීමේදී මේ සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කරන බවද මහාචාර්යවරයා කීය.

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00