2023 මැයි 07 වන ඉරිදා

ගංගාරාම වෙසක් කලාපය වසර 4කින් යළි

 2023 මැයි 07 වන ඉරිදා, පෙ.ව. 06:00 49

I සංජීවිකා සමරතුංග

වසර හතරකට පසුව කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ මෙහෙයවීමෙන් බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍ය උත්සවය පසුගිය දෙවැනිදා ආරම්භ විය. ගංගාරාමාධිපති ආචාර්ය ගලබොඩ ඥානිස්සර නායක හිමියන්ගේ ආශිර්වාදයෙන් සහ ගංගාරාම විහාරවාසී ආචාර්ය කිරින්දේ අස්සජී හිමියන්ගේ අනුශාසකත්වයෙන් මෙම වෙසක් කලාපය සංවිධානය කෙරිණි.

පසුගිය දෙවැනිදා මෙකී ජාතික වෙසක් මංගල්‍ය උත්සවය ආරම්භ වූයේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනවර්ග නියෝජනය කරන පාසල් දරු දැරියන්ගේ සහභාගිත්වයෙන් සති භාවනා වැඩසටහනකිනි. 

ලොව බෞද්ධ රටවල් 13ක දායකත්වයෙන් වෙසක් කලාපය විචිත්‍රවත් වී තිබේ. ගංගාරාම වෙසක් කලාපය නැරඹීමට පැමිණෙන සැදැහැවතුන්ගේ පහසුව සඳහා මෙම කාලය තුළ දන්සල් ගණනාවක් සංවිධානය කර තිබේ. එසේම තොරණ, වෙසක් කූඩු, පහන් සැරසිලි ඇතුළු තවත් විශේෂාංග රැසක් ගංගාරාම වෙසක් කලාපයේදී ඔබට දැක බලාගත හැකිවනු ඇත.

 2023 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2023 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2023 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2023 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2023 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 02:04