2023 මාර්තු 26 වන ඉරිදා

මූල්‍ය අරමුදල සමඟ අත්සන් කළ ගිවිසුම මැතිසබයට ඕනෑ - සජබ මහලේකම්

 2023 මාර්තු 26 වන ඉරිදා, පෙ.ව. 06:00 30

I දේශපාලන වාර්තාකරු

ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අත්සන් කළ ගිවිසුමේ සැබෑ පිටපතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බව සමගි ජන බලවේගයේ මහලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා දේශයට පැවසීය.

සමගි ජන බලවේගය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට ණය සහනයක් ලබාගැනීම සම්බන්ධව විරෝධය දක්වන්නේ නැත. එහෙත් ඒ සම්බන්ධව රජය මෙතෙක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත්තේ මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සම්බන්ධව ලබාදුන් වාර්තාව පමණි. රටේ මූල්‍ය පාලන බලය සහිත පාර්ලිමේන්තුවට දෙපාර්ශ්වය අත්සන් කළ සැබෑ ගිවිසුම දැනගැනීමේ වගකීමක් ඇති බැවින් දෙපක්ෂය අත්සන් කළ ගිවිසුමේ පිටපතක් මැතිසබයට ඉදිරිපත් කළ යුතු වග ලේකම්වරයා වැඩිදුරටත් කීය.

 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00