2023 මාර්තු 19 වන ඉරිදා

ඡන්දෙට සල්ලි හොයන්න කොමිසමෙන් අලුත් වැඩක්

 2023 මාර්තු 19 වන ඉරිදා, පෙ.ව. 06:04 225

දේශපාලන වාර්තාකරු I

මැතිවරණ කොමිසම විසින් මාර්තු මස 23දා කැඳවා ඇති විශේෂ පක්ෂ ලේකම්වරුන්ගේ සමුළුවට මැතිවරණයට තරග කරන දේශපාලන පක්ෂ 58ක ලේකම්වරුන් කැඳවා තිබේ. මෙම රුස්වීමේදී පළාත් පාලන මැතිවරණය නිසි ලෙස පැවැත්වීම සඳහා බලපා තිබෙන ගැටලු ගැන පක්ෂ ලේකම්වරුන් දැනුවත් කිරීමට අපේක්ෂා කරන බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා දේශයට කීය.

එසේම මැතිවරණය පැවැත්වීමට අදාළව පැන නැගී ඇති මුදල් හිඟය සම්බන්ධව සාකච්ඡා කර මැතිවරණ ක්‍රියාවලිය සක්‍රීය කිරීම සඳහා දේශපාලන පක්ෂ සමඟ සාමූහික ප්‍රයත්නයක් දැරීමට අපේක්ෂා කරන වගද සභාපතිවරයා සඳහන් කළේය.

 

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00