2021 නොවැම්බර් 27 වන සෙනසුරාදා

60ට වැඩි මරණ ඉහළට

 2021 නොවැම්බර් 27 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 103

I සුගත් පී. කුලතුංගආරච්චි

මේ වන විට කොවිඩ් හේතුවෙන් මරණයට පත්ව ඇති වැඩි පිරිස වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් බව වාර්තා වේ.

වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ පෙන්වා දෙන්නේ මේ වන විට සිදුව ඇති මරණ 14,206 න් 10,838ක්ම අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ගේ බවය.

ඒ හේතුවෙන්ම මෙරට ජනගහනයෙන් 70%කට කොවිඩ් තුන්වැනි එන්නත් මාත්‍රාව ලෙස ෆයිසර් ලබා දීමට දැන් කටයුතු සැලසුම් කර තිබේ. ඒ සඳහා අවශ්‍ය එන්නත් මිලියන 14 1/2ක් ද මේ වන විට ගෙනැවිත් හමාරය.

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00