2021 ඔක්තෝබර් 02 වන සෙනසුරාදා

NEWS බකට්

 2021 ඔක්තෝබර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 336

ජනාධිපති පැමිණි පසු තවත් පුටු මාරු

I සංජීවිකා සමරතුංග

ලබන සතියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරටට පැමිණි පසු ප්‍රධාන පෙළේ රාජ්‍ය ආයතන ගණනාවක ප්‍රධානීන් වෙනස් කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අතර උතුරේ ආණ්ඩුකාර ධූරය, බස්නාහිර පළාත් සභා ප්‍රධාන ලේකම් තනතුර, රාජ්‍ය සංස්ථා හා මණ්ඩල කිහිපයක මුල් පුටුද වන බව වාර්තා වේ.

බැසිල්ගේ පළමු අයවැය 12 දා

2022 වසර සඳහා වන අයවැය ලේඛනය ලබන නොවැම්බර් මස 12දා මැතිසබයට ඉදිරිපත් කෙරේ. පසුගිය සඳුදා පැවැති අමාත්‍ය මණ්ඩල හමුවේදී ඊට අදාළ විසර්ජන පනතේ ඇස්තමේන්තු සම්මත කෙරුණි. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ගෙන එන පළමු අයවැය මෙයයි. 

රහස් පොලීසියේ නිලතල වෙනසක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ අංශයේ සේවය කරන වෘත්තිමය වශයෙන් නිපුණතා නොපෙන්වූ නිලධාරීන් ගණනාවක් ළඟදීම ඉවත් කෙරෙනු ඇතැයි වාර්තා වේ. මේ දිනවල පොලීසියේ නව උසස්වීම් සිදුවන බැවින් එම උසස්වීම් සිදු වූ වහාම නව වෙනස්කම් ක්‍රියාත්මක කෙරෙනු ඇතැයි වාර්තා වේ. 

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00