දේශපාලන වාර්තාකරු I
2019 වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය, පළාත් සභා මැතිවරණය හා හදිසි මහ මැතිවරණයක් ඉලක්ක කරගෙන ප්‍රධාන දේශපාලන සන්ධාන තුනක් තරග වැදීමට සැරසෙන බව දේශයට වාර්තා වෙයි.
එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය මේ වනවිටත් පුළුල් ජාතික සන්ධානයක් සඳහා අනුමැතිය ලබා දී තිබේ. එහි සංවිධාන කටයුතු දැන් නිලනොවන මට්ටමින් ආරම්භ කර ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) තවත් පක්ෂ ගණනාවක් එක්කරගෙන නව පුළුල් ජාතික සන්ධානයක් නිර්මාණය කරන බව ප්‍රකාශ කර තිබේ. ඒ සඳහා ශ්‍රී.ල.නි.ප. සහාය ලබාදෙන බව පක්ෂනායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගිය සතියේ සිය සංවිධායකයන්ට දැන්වීය.
මෙම සන්ධාන දෙකට අමතරව යට කී මැතිවරණ තුන ඉලක්ක කරගෙන ජනතා විමුක්ති පෙරමුණද වාමාංශික ප්රගතිශීලී සන්ධානය නමින් නව සන්ධානයක් ආරම්භ කිරීමට තීන්දු කර ඇත. පුළුල් ජාතික ප්‍රතිපත්තියක් සකසා ඊට ජනතා අනුමැතිය ලබාගෙන සේවය සැලසීම උදෙසා නව සන්ධානය ස්ථාපිත කෙරෙන බව ජ.වි.පෙ. ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට පැවසීය.